දිට්වා ආපදාවෙන් පසු ආපදා කළමනාකරණ හා සහන සේවා ක්රියාවලිය තවමත් අකාර්යක්ෂම මට්ටමක පවතින බවට සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තීය සංගමය චෝදනා කරනවා.
කොළඹදී පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් එහි සභාපති උපුල් කුමාර විසින් මෙම චෝදනාව එල්ලකර තිබෙනවා.
එම මාධ්ය හමුවේදි තවදුරටත් අදහස් දැක්වු උපුල් කුමාර,
පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ ආපදා සහන සේවා ක්රියාවලිය ශක්තිමත් කිරීමේ යෝජනා මෙතෙක් ක්රියාත්මක කර නැහැ.
ආපදා සහන සේවා ක්රියාවලියේ අකාර්යක්ෂමතාව හේතුවෙන් දිට්වා ආපදාවෙන් අවතැන් වූ ජනතාවගෙන් විශාල පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටිනවා.
නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය ප්රචාරය කරන ප්රගතිය සහ භූමියේ පවතින සැබෑ තත්ත්වය අතර විශාල වෙනසක් පවතිනවා.
2004 සුනාමියෙන් පසුවත් බලයට පත් වූ කිසිදු ආණ්ඩුවකට ස්වභාවික ආපදාවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීමට සහ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමට ප්රමාණවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට නොහැකි වී ති බෙ නවා.
වසර ගණනාවක් තිස්සේ නැවත පදිංචි නොකළ පවුල් තවමත් සිටින බැවින් ආපදා සහන සේවා ක්රියාවලිය කාර්යක්ෂම බව පැවසිය නොහැකි බව ඔහු සඳහන් කරයිග
ආපදා සහන සේවා චක්රලේඛය නිවැරදිව සකස් නොකිරීම හේතුවෙන් 11,000ක රාජ්ය සේවකයන් හා ආපදාවට ලක් වූ ජනතාවගෙන් සියයට 90කට වැඩි පිරිසකට ද බලපා ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
ආපදා කළමනාකරණය සම්බන්ධ ප්රධාන වගකීම ජනාධිපතිවරයා සතු බැවින් එම වගකීම නිලධාරීන්ට පමණක් පැවරිය නොහැකි බවද උපුල් කුමාර මහතා අවධාරණය කරනවා.
