කැරිබියන් දූපත්වන ඇන්ටිගුවා සහ බාබියුඩා හිදී පැවැත්වෙන 28 වන පොදුරාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුවට සහභාගීවීම සදහා අග්රාමාත්ය හරිනි අමරසූරිය අද (31) දහවල් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
අග්රාමාත්යවරිය සමඟ දූත පිරිස ලෙස සහභාගී වීම සදහා තවත් තිදෙනෙකු ද දිවයිනෙන් පිටත්ව ගිය බව ‘දසත නිව්ස්’ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
“සෞභාග්යමත් පොදු රාජ්ය මණ්ඩලයක් සදහා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම ” යන තේමාව යටතේ මෙවර පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුව පැවැත් වෙනවා.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරණ ගුවන් යානයෙන් අග්රාමාත්යවරිය අද (31) දහවල් 01.35ට කටුනායක ගුවන් තොටුපොළෙන් ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ලන්ඩන් නුවර සිට වෙනත් ගුවන් යානයකින් කැරිබියන් දූපත් බලා අග්රාමාත්යවරිය ගමන් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.






