ආර්ථික පරිවර්තන යුගයක් අත්කර ගැනීමට සියලුදෙනා එක්ව වැඩ කළ යුතුයි – ජනපති

ආර්ථික පරිවර්තන යුගයක් අත්පත්කර ගැනීම වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව වැඩ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට අද (31) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සෑම පුද්ගලයෙකුටම නීතිය ඉදිරියේ සාධාරණය ඉටුවන බවට සමාජය විසින්ම සමාජය තුළ මතයක් ගොඩනැඟිය යුතු බවයි.

නීතිය අසමානව ක්‍රියාත්මකවන බවට දැනෙන සමාජයක් කිසිම අවස්ථාවක ස්ථාවර, යහපත් සමාජයක් බවට පත්නොවන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

කලක සිට නීතියේ විදානයේ අදිපත්‍ය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ගොඩනැඟී ඇති, පළුඳුවීමක් සිදුව ඇති සමාජය තුළ යළි නීතියේ විදානයේ අදිපත්‍ය පිළිබඳව විශ්වසය ගොඩනැඟීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ කාර්යය වී ඇති බව ජනධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම කතා කරන භාෂාව, අදහනු ලබන ආගම යම් අයෙකුට අනාරක්ෂිත ස්වභාවයක් සකසනවා නම් එවැනි සමාජයක් කිසිම අවස්ථාවක ස්ථාවර සමාජයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පැරණි, ආදිකල්පිත මනස්වලින් සිටින පුද්ගලයින්ට මෙම නව සුබවාදී සමාජ පරිවර්තනය ඔරොත්තු නොදෙන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36