ඔහු පවසන්නේ පසුගිය අගෝස්තු මාසයෙන් පසුව සිය පියා පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට හෝ ඔහුගේ නීතිඥවරුන්ට ලැබී නොමැති බවයි.
අගෝස්තු මාසයේදී ඉම්රාන් ඛාන් තමන් බන්ධනාගාරය තුළ වධහිංසාවලට ලක්වන බවට ප්රකාශ කර තිබූ බවද සුලෙයිමාන් පවසනවා.
තම පියාට ද ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝර්සිට අත්වූ ඉරණම අත්විය හැකි බවට ඔහු මීට පෙර අනතුරු අඟවා තිබූ බව සුලෙයිමාන් සඳහන් කළා.
දූෂණ හා අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවී සිරදඬුවම් විඳින 74 හැවිරිදි ඉම්රාන් ඛාන්, රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
ඔහුට එරෙහිව නඩු සියයකට අධික සංඛ්යාවක් පවතින අතර, තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්රතික්ෂේප කරන ඔහු ඒවා දේශපාලන අරමුණු මත ඉදිරිපත් කළ ඒවා බව පවසනවා.
තම පියාගේ සෞඛ්ය තත්ත්වය සහ බන්ධනාගාරයේදී ඔහුට සලකන ආකාරය පිළිබඳව පවුලේ සාමාජිකයන් දිගින් දිගටම කනස්සල්ල පළ කර තිබෙනවා.
