තරුණියකට ලිංගික අතවර කළ බව කියන මාලිමාවේ මන්ත්‍රීට ඇප නැතිවෙයි

20 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයට ලක්කිරීමේ චෝදනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධාගාර ගත කරනු ලැබූ පොල්ගහෙල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් විජේසිංහ විසින් තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණා.

අද (30) දිනයේදී පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම මෝසම කැඳවනු ලැබුවා.

අධිකාරයට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව, සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.