වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා සංචිතය ප්රකාශයට පත්කර තිබෙනවා.
තරගාවලිය ලබන නොවැම්බර් 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ඕමානයේදී පැවැත්වීමට නියමිතයි.
ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සඳහා විරාන් චමුදිත පත්කර ඇති අතර, උපනායකත්වය සෙනුජ වෙකුනගොඩට හිමිව තිබෙනවා.
තේරීම් කමිටුව විසින් නම් කරනු ලැබූ සම්පූර්ණ සංචිතය,
විරාන් චමුදිත (නායක), සෙනුජ වෙකුනගොඩට, රෙහාන් පීරිස්, කිත්ම විතානපතිරණ, ගිම්හාන් රසාංජන, සනුල් වීරරත්න, චනිරු සේනාරත්න, ලිත්ම පෙරේරා, විග්නේෂ්වරන් ආකාශ්, සෙත්මික සෙනෙවිරත්න, ගිම්හාන් මෙන්ඩිස්, ලතේන්ද්ර ආකාශ්, හිමාරු දේශාන්, ස්ටීවන් පීරිස් සහ කෞෂික කුමාරසිංහ
තරගාවලියට සහභාගී වීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම නොවැම්බර් 2 වැනිදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි.
