තුන්කොන් එක්දින තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් ලබා දෙමින් ලකුණු 386ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහ හිමිව ඇති ඉලක්කය ලකුණු 387ක්.
කෙසේ වෙතත් තරගාවලියේ අවසන් තරගයට මේ වන විටත් ශ්රී ලංකාව සහ පාකිස්ථානය තේරී පත්ව අවසන්.
තුන්කොන් තරගාවලියේ මේ දක්වා ක්රීඩා කළ සියලු තරග පරාජයට පත් වූ එංගලන්තයට තවදුරටත් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ හැකියාවක් නැහැ.
එමෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගය ලබන 31 වැනිදා ගඩාෆි ක්රීඩාංගණයේදීම පැවැත්වෙනවා.
