ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා පත්කරනු ලැබ තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා වෙත අද (29) පස්වරුවේ ප්‍රදානය කරනු ලැබුවා.

2026 නොවැම්බර් මස 02වන දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබෙනවා.

මෙම පත්කිරීමට පෙර මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවයේ කළා.