“රටම එකට” ජාතික මෙහෙයුම මගින් දිනපතා විශාල ප්රමාණයේ මත්ද්රව්ය අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය නිවේදනය කරනවා .
දිවයින පුරා මත්ද්රව්ය සැපයුම අඩාල කිරීම, මත්ද්රව්ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්රව්ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්රියාත්මක කිරීම, මත්ද්රව්යවලට එරෙහිව ප්රජාව බල ගැන්වීම යන බහුවිධ ප්රවේශයන් මඟින් රට තුළ ව්යාප්තව පවතින මත්ද්රව්ය (ජාවාරම) සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් 2025.10.30 වන දින සිට “රටම එකට” ජාතික මෙහෙයුම ක්රියාත්මක කරනු ලබනවා.
ඒ අනුව ඔක්තෝබර් 28 දින ශ්රී ලංකා පොලිසිය සිදුකළ මත්ද්රව්ය නිවාරණ මෙහෙයුමෙහි රට පුර පැවැති වැටලීම් 219ක් මගින් හෙරෝයින් මත්ද්රව්ය ග්රෑම් 268 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව වැටලීම් 248කින් අයිස් මත්ද්රව්ය ග්රෑම් 297 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම් 02කින් කොකේන් මත්ද්රව්ය කිලෝ 05යි ග්රෑම් 125 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වගේම වැටලීම් 131ක් මගින් ගංජා ග්රෑම් 732 ක් හා ගංජා පැල 3757ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් වැටලීම් 56කින් කුෂ් මත්ද්රව්ය කිලෝ 04යි ග්රෑම් 948 ක් හා හෂීෂ් මත්ද්රව්ය කිලෝ 01යි ග්රෑම් 47 ක් ද, මත් පෙති 298ක් මදනමෝදක 837ක් මාවා 49ක් යනාදි වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම් වලට සම්බන්ද සැකකරුවන් 652ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, තවත් පුද්ගලයින් 03ක් පුනරුත්ථාපනයට යොමු කර තිබෙනවා.
ඒ වගේම එක් සැකකරුවෙක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කරගෙන යන බවත් පොලිස් මාධ්ය කොට්ඨාශය නිවේදනය කරනවා
