ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලබන ක්රීඩක ශ්රේණිගත කිරීම්හි කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් වන ජනිත් ලියනගේ සහ පවන් රත්නායක සමත්ව තිබෙනවා.
ඒ අනුව, එක්දින පිතිකරුවන් ශ්රේණිගත කිරීම්වල ජනිත් ලියනගේ ස්ථාන 10කින් ඉදිරියට පැමිණෙමින් 14 ස්ථානය හිමිකර ගෙන ඇති අතර ඔහු මීට පෙර 24 වැනි ස්ථානයේ පසුවුණා.
එමෙන්ම එම ශ්රේණිගත කිරීම්වලම පවන් රත්නායක ස්ථාන 39කින් ඉදිරියට පැමිණෙමින් ශ්රේණිගත කිරීම්වල 36 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.
මේ දිනවල පාකිස්තානයේදී පැවැත්වෙන එක්දින තුන්කොන් තරගාවලියේ දක්වන දස්කම් හේතුවෙන් පවන් සහ ජනිත් මෙලෙස ශ්රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
