ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය, තම භූමියෙන් ක්රියාත්මක වන සටන්කාමී කණ්ඩායම් සම්බන්ධයෙන් පාකිස්තානය එල්ල කරන චෝදනා ප්රතික්ෂේප කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු අමාත්යාංශයේ ප්රකාශක අබ්දුල් කහර් බල්කි, සී.එන්.එන්. නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවට, රාජ්යතාන්ත්රික සාකච්ඡා සහ සහයෝගීතාව ඔස්සේ සිය අභ්යන්තර ආරක්ෂක ගැටලුවලට විසඳුම් සෙවීමට පාකිස්තානය කටයුතු කළ යුතු බවයි.
2022 වසරේ මුල් භාගයේ සිට සිදුවූ ප්රහාරවලින් සිවිල් වැසියන් 1,119 දෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
එම පිරිස අතර කාන්තාවන් සහ ළමයින් බහුතරයක් වන බවත්, පුනරුත්ථාපන මධ්යස්ථානයක සිටි පිරිසක් ප්රහාරවලට ගොදුරු වූ සිදුවීමක් ද ඔහු සිහිපත් කළා.
කෙසේ වෙතත්, පාකිස්තානය ඇෆ්ගනිස්ථාන භූමියෙන් ක්රියාත්මක වන සටන්කාමී කණ්ඩායම් පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටිනවා.
