Update – නාමල්ට එරෙහි එයාර් බස් නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අහන්න අගවිනිසුරු අනුමැතිය

එයාර් බස් ගණුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඇති නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට අගවිනිසුරුවරයා අනුමැතිය ලබා දී ඇති බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වෙත අද (27) දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ අධි චෝදනා 24ක් යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු පස්දෙනෙකුට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවයි.

නඩුවට සාක්ෂිකරුවන් ලෙස පනස් දෙනෙක් නම් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත අද දැනුම් දුන්නා.

ඒ, අනුව මෙම නඩුව අද (27) මෙම අධිකරණයේ කැඳවෙන අවසන් දිනයට බවට බලාපොරොත්තුව වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.