තුන්කොන් තරගාවලියේ එංගලන්තයට තීරණාත්මක තරගය අද

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ එංගලන්තය අතර තරග අද (25) ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලාහෝර් හි ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායමට තීරණාත්මක තරගයක්වන අද තරගය, තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් අද පැවැත්වෙන තරගය ඔවුන් ජයගැනීම අනිවාර්ය වනවා.

මෙම තුන්කොන් තරගාවලියේ එංගලන්තය මෙතෙක් සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වූ අතර, පාකිස්ථානය තමන් සහභගී වූ තරගය දෙකම ජයගෙන සිටිනවා.

ලැබෙනවා මේ අතර අද තරගය ජය ගැනීමට පාකිස්ථානයට හැකියාව ලැබුණොත් අවසන් මහා තරගය වෙනුවෙන් සිදුකම් ලැබීමට ඔවුන්ට පහසුවෙන්ම හැකියාව.