ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්රී ලංකා කණ්ඩායමට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා.
ශ්රී ලංකාව මීට පෙර එම ශ්රේණිගත කිරීම්වල හත්වන ස්ථානයේ රැඳී සිටියා.
මේ අතර එක්දින කණ්ඩායම් ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, දෙවන සහ තුන්වන ස්ථානවල පිළිවෙලින් නවසීලන්තය සහ දකුණු අප්රිකාව රැඳී සිටිනවා.
එක්දින කණ්ඩායම් ශ්රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ ඕස්ට්රේලියාව රැඳී සිටින අතර පස්වන ස්ථානයේ පසුවන්නේ පාකිස්ථාන කණ්ඩායමයි.
මේ අතර මෙතෙක් එම ශ්රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායමට 07 වන ස්ථානය දක්වා පසුබැසීමට සිදුව තිබෙනවා.

