ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන එම නඩුකරය අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.
