සංස්කෘතික මධ්‍යස්ථානයක රැකියාවක් ලබාදෙන බව පවසා තරුණියකගෙන් රුපියල් 3000ක අල්ලස් මුදලක් අයදීම හා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ සහකාර සංස්කෘතික නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් 23000ක දඩයක් නියම කළා.
මොනරාගල හුළංදාව ප්‍රදේශයේ පදිංචි රත්නායක මුද්දියන්සේලාගේ ජානක චමින්ද නමැති විත්තිකරුවෙකුට එලෙස දඩ හා සිර දඬුවම් නියම කෙරුණා.
2020 මාර්තු මස 4 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මොනරාගල ඉශාරා හංසමාලි ජයසූරිය නැමැති තරුණියකගේ එකී අල්ලස ඉල්ලීම හා ලබා ගැනීම යන චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පැවරූ නඩුවක් විභාග කළ විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහි ගොනුකර ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් එම දඬුවම් නියම කරනු ලැබුවා.
චූදිත විත්තිකුඩුවේ සිට කරන ලද ප්‍රකාශය පිළිගත නොහැකි බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විත්තිකරු චෝදනා හතරටම වරදකරු බවට නිගමනය කළා.










