Online තෑගී පාර්සල් පෙන්වා මුදල් වංචා කළ අයෙක් CIDයේ අත්අඩංගුවට

විදෙස් රටකින් ත්‍යාග පාර්සලයක් ලැබී ඇති බවත් එය ලබා ගැනීමට ගාස්තු ලෙස රුපියල් 305,000ක මුදලක් (තුන් ලක්ෂ පන් දහසක්) බැංකු ගිණුමකට තැන්පත් කරන ලෙසට පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකරනු ලද විමර්ශනයට අනුව මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකරු අද (06) දින සවස යාපනය ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අවුරුදු 59 ක් වන කළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.