අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්/පළමු ලේකම් රෝෂිණී තොම්සන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරය අතරතුරදී, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී පුජා නගර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් සහය ලබා දීමට එකඟතාව පළ කර තිබූ අතර, ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජිතයි.

මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ කෙටුම්පත් යෝජනාවලිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර තිබෙන අතර, එම යෝජනාවලිය සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පසුගියදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව මහා සංඝරත්නය සහ ඊට අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර අදාළ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කිරීමට රුපියල් බිලියන 7.7ක මුදලක් වැයවනු ඇතැයි දැනට ඇස්තමේන්තුගත කර තිබේ. ඊට අදාළ මූල්‍යමය දායකත්වය ඉන්දීය රජය විසින්දරනු ඇති අතර, මෙම ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පූජා නගරයේ පෞරාණිකත්වය සහ ආගමික පසුබිම ආරක්ෂා කර ගනිමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමටත්, කැළි කසළ විධිමත්ව බැහැර කිරීමටත්, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ගරා වැටී තිබෙන සියලු ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (DC) රම්‍යා සී. එස්. (Ramya C. S.), ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ටී.එච්. රුචිර විතාන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.ඩී.එස්. දිසානායක, බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්ද්‍රිකා සේනානායක යන මහත්ම මහත්මීහු, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අදාළ ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57