හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග, ජපානයේ නගෝයා නුවර පැවති ආසියානූ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී, එම ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන ඊයේ (30) දින මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිලෝ මීටර් හය හත්සිය දුර ගෙවා ගෙන තමන් දිරිමත් කිරීම සදහා නගෝයා ක්‍රීඩාංගනයට පැමිණ සිටි බවත්, ඔවුන්ට තම ස්තුතිය පිරිනමන බවත් රුමේෂ් තරංග දිවයිනට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
ඔහු ඊයේ (30) දින රාත්‍රී 11.30ට හොංකොං නුවර සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
රුමේෂ් තරංග පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ , ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් සහ රුමේෂ් තරංගගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.













