ජවිපෙ මහලේකම් ටිල්වින් සහ භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහලේකම් අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගියදා ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහලේකම් ශ්‍රී බී.එල්. සන්තෝෂ් හමුව තිබෙනවා.

ටිල්වින් සිල්වා ලේකම්වරයා භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුව මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටිනවා.

මෙම හමුවේ දී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය සහ සංවිධාන ව්‍යුහය සම්බන්ධයෙන් ද, ග්‍රාමීය මට්ටම දක්වා පක්ෂ සමාජිකත්වය සංවිධානය කිරීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද, ඉන්දියාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ගෙනයන ව්‍යාපෘති සහ වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ලබාදෙන නායකත්වය සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර සම්බන්ධතාවය සහ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේදී පක්ෂ දෙක අතර මිත්‍රත්වය හා අවබෝධය වර්ධනය කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවට සමගාමීව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සභාපති ශ්‍රීමති රෑප්කුමාරි චෞද්‍රි සමඟද, භාරතීය ජනතා පක්ෂයේ තරුණ සංවිධානයේ නියෝජිතයින් වන ශ්‍රී විනීත් වත්ස් ත්‍යාගී සහ භක්ති ශර්මා සමඟ ද සාකච්ඡා පවත්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31