ක්‍රිෂ් ගනුදෙනුවේ දී රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළා.
මෙම සිදුවීමට අදාළ නඩුවේ සිව්වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවෙකු ලෙසට නම් කරන බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඊයේ (28) දැනුම් දුන්නා
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අලි සබ්රි සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලමක් සිදුකළ අතර මහේස්ත්‍රාත්වරයා විසින් එය ප්‍රතික්ෂේප කළා.













