ආන්දෝලනාත්මක ක්‍රිෂ් නඩුවට නාමල්ව හෙට උසාවි ගේන්න නියෝග

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි සැකකරු ලෙස නම් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
හෙට (29) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (28) බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

මෙම සිද්ධියට අදාලව නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරන බව අල්ලස් කොමිසම මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව ⁣මෙලෙස නියෝග කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අද (28) මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී එලෙස කරුණු වාර්තා කර තිබුණා.

ප්‍රකට ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන ‘ක්‍රිෂ්’ ආයතනය සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා

මීට අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු ඉදිරියට සිදුකෙරෙමින් පවතින අතර, අල්ලස් කොමිසම විසින් මීට පෙර අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27