තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

ශ්‍රී ලංකාවේ වනාන්තර සම්පත අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “වනස්පති” ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වැඩසටහන අද (26) නුවරඑළිය සඳතැන්න වන විද්‍යාලයේදී පැවැත්වුණා.

එහිදී සඳතැන්න වන විද්‍යාලයේ ස්ථාපිත කර ඇති කෞතුකාගාරය ද පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ අතින් නිල වශයෙන් විවෘත කෙරුණා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අලුතින් සේවයට බඳවාගත් නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවා.

ඉන් අනතුරුව රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන ලද වනාන්තර 20ට අදාළ ගැසට් නිවේදන සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි , වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා.

ඒ අනුව අද දිනයේ නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පිහිටි වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වනාන්තර 20හි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 9,538කට ආසන්න බව සඳහන්.

වත්මන් රජයේ පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ යටතේ මේ වන විට වනාන්තර 93ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර තිබෙනවා.

අද ප්‍රකාශයට පත් කළ වනාන්තරද සමඟ එම රක්ෂිත වනාන්තරවල සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වනවා.

ශ්‍රී ලංකාවේ වටිනා වනාන්තර සම්පත සහ ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් “වනස්පති” ජාතික වැඩසටහන 2025 වසරේ ලෝක පරිසර දිනයේදී ආරම්භ කරනු ලැබුවා.

මෙම වැඩසටහන යටතේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තර, කඳුකර හා උපකඳුකර වනාන්තර, නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපීය අර්ධ සදාහරිත වනාන්තර, වෙරළබඩ සහ කඩොලාන වනාන්තර ඇතුළු විවිධ වනාන්තර පරිසර පද්ධති රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2025 වසරේ ලෝක පරිසර දිනයේ සිට 2026 වසරේ ලෝක පරිසර දිනය දක්වා වසරක කාලය තුළ පමණක් වනාන්තර 86ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ වැඩිම වනාන්තර සංඛ්‍යාව මෙය බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25