ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාග් ගාර්ග් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද (23) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.
දෙරට අතර සිදුවන දේශසීමා හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.
එමෙන්ම දෙරටේම මත්ද්‍රව්‍ය සම්බන්ධ කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් සඳහා පුහුණුවක් ද ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.
මෙම වැඩසටහන යටතේ, දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ අවස්ථා පුළුල් කිරීමට සහ රට තුළ පවතින මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පියවර ගැනෙනු ඇති.













