කප්පල්තුරේ ප්‍රදේශයේදී පසුගිය 02 වැනිදා රාත්‍රීයේ කුලී ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් උප්පුවේලී පොලිසිය හා මාතර පොලිස් විශේෂ කාය බලකා කඳවුර මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව මාතර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කල සැකකරු විර්මශන නිලධාරීන් විසින් පෙරේදා (06) දින රාත්‍රී දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන උප්පුවේලී පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
දෙවන හා තෙවන සැකකරුවන් පසුගිය 02 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32 මිලිග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටි චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී මෙම මනුෂ්‍ය ඝාතනයට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම මෙම සැකකරුවන් විසින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අවුරුදු 24, 28 හා 34 වයස්වල පසුවන දික්වැල්ල හා ත්‍රීකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
මෙහි වෙඩික්කරු ලෙස ක්‍රියා කළ සැකකරු යුධ හමුදාවේ සේවය කර නිත්‍යානූකූලව ඉවත් වූ පුද්ගලයෙක් වන අතර උප්පුවේලී පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
