22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය මේ වනවිට පාර්ලිමේන්තු කතානායකවරයා වෙත ලැබී ඇති බව වාර්තා වනවා.
කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් නිගමනය හෙට (22) දිනයේ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි.













