පසුගිය අගෝස්තු මස 17 වනදා සහ පසුගිය 08 වනදා අතුරුගිරිය පොලිස් වසමේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සහ මෙම අපරාධයන් සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් ආරම්හ කර තිබූ විමර්ශනවලට අනුව පෙරේදා (19) දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 21,24,41 සහ 45 වයස්වල පසු වන පාදුක්ක, බණ්ඩාරගම, මෙරොන්තුඩුව සහ අළුබෝමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර, එම සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරෙන්තු නිකුත් වූ අයෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.
අතුරුගිරිය පොලිසිය මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













