පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව, ආසියාවේ රන් පදක්කම අභිසයට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් පැවැත්වෙන අවසන් වටයේ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි විස්ස ආකෘතියෙන් පැවැත්වෙන තරගාවලියේ, පළමු අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ පකිස්ථාන ක්‍රීඩිකාවන් අද නිශ්ෂින්හි කොරෝගි ක්‍රීඩාංගණයේ දී හමුවුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 177ක් රැස්කර ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 17යි පන්දු 05ක් තුළ කඩුලු 02ක් පමණක් වැයකරමින් ලකුණු 181ක් රැස්කර තරගය පහසුවෙන් ජය ගනු ලැබුවා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 83ක් රැස්කිරීමට සමත් වුණා.

එමෙන්ම හසිනි පෙරේරා පන්දු 26කට මුහුණදෙමින් ලකුණු 42ක් රැස්කළා.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන අතර, එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ශ්‍රී ලංකාව සමගින් කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15