නෝර්වුඩ් පොලිස් වසමට අයත් හැටන් – බොගවන්තලාව ප්රධාන මාර්ගයේ නෝර්වුඩ් සෙන්ජෝන් ඩිලරි ප්රදේශයේදී ත්රීරෝද රථයක් අඩි 50ක් ගැඹුරැති ප්රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව නෝර්වුඩ් පොලීසිය පවසනවා.
මෙම අනතුර අද (19) උදෑසන 10.30ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
බොගවන්තලාව ප්රදේශයේ සිට හැටන් දෙසට ගමන් කරමින් තිබූ ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරළී අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ත්රීරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව පොලීසිය පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.













