අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම රථවාහනවල සෑම ආසනයකම ගමන් ගන්නා මගීන් ආසන පටි පැලඳීමේ නීතිය අද (19) සිට ක්රියාත්මක කෙරෙනවා.
පොලිසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද දිනයේ සිට නීතිය තදින් ක්රියාත්මක වන බවයි.
එමෙන්ම අද (19) දිනයේ සිට ආසන පටි රහිත වාහන අධිවේගී මාර්ගවලට ඇතුල් කිරීමෙන් වැලකී සිටින ලෙස ද පොලිසිය ඉල්ලා සිටිනවා.













