ලාංකිකයෙක්ට සෞදියේදී මරණ දඬුවම ? – සිද්ධිය ගැන විදේශ අමාත්‍යාංශය අවධානයෙන්

සෞදි අරාබියේ සිටින වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්ට මරණ දඬුවම ලබා දීමට නියමිත බවට වාර්තා වන සිද්ධිය සම්බන්ධයෙන් සමීප අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පලකළ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් මෙලෙස දඩුවටම ලක්ව ඇත්තේ අනුජන් සිවරාසා නම් ශ්‍රී ලාංකික පුරවැසියෙක්.

සෞදි අරාබියේ අල්-අහ්සා (Al-Ahsa) අපරාධ අධිකරණය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණා.

කෙසේ වෙතත් පසුව, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස මරණ දඬුවම නියම වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, මෙම සිද්ධියට අදාළ වර්ධනයන් පිළිබඳව අමාත්‍යාංශය දිගින් දිගටම සොයා බලමින් සිටින බවයි.

අමාත්‍යාංශය රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අදාළ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන අතර, අනුජන් සිවරාසාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔහුට හැකි සෑම සහයක්ම ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01