2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේ දී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (14) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුව විත්තිය නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීම ද සිදුකෙරුණා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබුණා.













