ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිල අවදානමක

එංගලන්තය සමග පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (4 වැනිදා) පැවැති තුන්වැනි තරගය වර්ෂාව හේතුවෙන් ජයපැරදුමෙන් තොරව අවසන් වීමත් සමග ලෝක කුසලාන සුපර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් අතර 11 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවුණි.

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අදාළ තරගාවලිය ක්‍රියාත්මක වේ.

ප්‍රසාද ලකුණු 13ක් සමගින් ශ්‍රී ලංකාව කණ්ඩායම් අතර ස්ථාන දෙකක් ඉදිරියට පැමිණියද, ඔවුන්ට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක එල්ලයේ සුදුසුකම් ලැබීමේ යම් අවදානමක් මේ වන විට මතුව තිබේ.

සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට තරග 9කට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඉන් එක් තරගයක් ජයගෙන, එංගලන්තය සමග පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීම හැරුණු විට ඉතිරි තරග 7ක් පරාජයට පත්ව ඇත. ඒ අනුව සුපර් ලීග් තරගාවලිය යටතේ එක් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට හිමිවන තරග 24න් ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ තරග 15ක් පමණි. 2023 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලයේ සුදුසුකම් ලැබීමටනම් ශ්‍රී ලංකාව අදාළ තරග 15න් 12ක් ජය ගත යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?