ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිල අවදානමක

එංගලන්තය සමග පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (4 වැනිදා) පැවැති තුන්වැනි තරගය වර්ෂාව හේතුවෙන් ජයපැරදුමෙන් තොරව අවසන් වීමත් සමග ලෝක කුසලාන සුපර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් අතර 11 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවුණි.

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අදාළ තරගාවලිය ක්‍රියාත්මක වේ.

ප්‍රසාද ලකුණු 13ක් සමගින් ශ්‍රී ලංකාව කණ්ඩායම් අතර ස්ථාන දෙකක් ඉදිරියට පැමිණියද, ඔවුන්ට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක එල්ලයේ සුදුසුකම් ලැබීමේ යම් අවදානමක් මේ වන විට මතුව තිබේ.

සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට තරග 9කට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඉන් එක් තරගයක් ජයගෙන, එංගලන්තය සමග පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීම හැරුණු විට ඉතිරි තරග 7ක් පරාජයට පත්ව ඇත. ඒ අනුව සුපර් ලීග් තරගාවලිය යටතේ එක් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට හිමිවන තරග 24න් ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ තරග 15ක් පමණි. 2023 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලයේ සුදුසුකම් ලැබීමටනම් ශ්‍රී ලංකාව අදාළ තරග 15න් 12ක් ජය ගත යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27