බ්‍රික්ස් සමුළුවට ඉන්දියාවට ආ පුටින්, මෝදී සමඟත් සාකච්ඡා

බ්‍රික්ස් නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති විලැඩිමීර් පුටින් ඊයේ (11) ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණියා.

බ්‍රික්ස් නායකයින්ගේ සමුළුවට සහභාගී වීම මෙන්ම ඉන්දියාවේ නවදිල්ලිය අගනුවර සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් ජනාධිපති පුටින් දින තුනක සංචාරයක් සඳහායි මෙලෙස එරටට පැමිණ තිබෙන්නේ.

ඒ අනුව ඊයේ පස්වරුවේ රුසියානු ජනපති පුටින්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

වෙළඳාම සහ බලශක්තිය කෙරෙහි ප්‍රධාන වශයෙන් ඔවුන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම 2030 වනවිට රුසියානු-ඉන්දියානු වෙළඳාම ඩොලර් බිලියන 100 දක්වා පුළුල් කිරීම පිළිබඳව ඔවුන් දෙදෙනා සාකච්ඡා කර ඇති අතර, දුම්රිය ප්‍රවාහනය, වානේ නිෂ්පාදනය, ඛනිජ, පොහොර සහ න්‍යෂ්ටික බලශක්තිය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳ එහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

මේ අතර රුසියානු සුඛෝයි Su-57 රහසිගත ප්‍රහාරක ජෙට් යානා ඉන්දියාවට විකිණීමේ හැකියාව ද ඔවුන්ගේ එම සාකච්ඡාවේ න්‍යාය පත්‍රයේ වූ බව ද විදෙස් මාධ්‍ය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31