ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තුව ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද (11) පාර්ලිමේතුවේ දී සඳහන් කළා.
අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලයේ දී ඉහළ වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විදුලි ජනනය සඳහා වැය වන පිරිවැය යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බවයි.
ඒ, අනුව එළඹෙන කාර්තුව සඳහා විදුලි ගාස්තුව ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොවන බවයි ඖ වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.
මේ අතර 2027 වසරේ මුල් මාස තුන සඳහා විදුලි ජනනය අඛණ්ඩ සම්පාදනය කිරීමට ද මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.













