18 වැනි බ්‍රික්ස් සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දී අද ඇරඹෙයි

ලෝකයේ බලවත් රාජ්‍යයන් කිහිපයක් එක්ව පවත්වනු ලබන 18 වැනි බ්‍රික්ස් සමුළුව මෙවර ඉන්දයාවේ නව දිල්ලි අගනුවර අද (11) සිට එළඹෙන 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන් මෙම සමුළුව සඳහා සහභාගී වන බව සඳහන්.

නැගී එන ආර්ථිකයන් සඳහා සංසදයක් ලෙස 2009 දී පිහිටවනු ලැබූ මෙම සමුළුව සඳහා ප්‍රධාන වශයෙන් මැද පෙරදිග ගැටුම් පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මෙම සමුළුව මඟින් BRICS රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම, නව හා නව්‍ය තාක්ෂණයන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම, සෞඛ්‍ය අභියෝග සහ දේශගුණික අභියෝග සඳහා ආර්ථික, සමාජීය සහ ආයතනික වශයෙන් ශක්තිමත් වීම, ජාතික හා ගෝලීය වශයෙන් තිරසාර සංවර්ධනය වේගවත් කිරීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම සිදුවනවා.

චීනයේ ජනාධිපති ෂී ජින්පින් ද මෙම සමුළුව සඳහා සහභාගි වීමට නියමිතව ඇති අතර ඔහු එලෙස ඉන්දියාවට පැමිණෙන්නේ 2019 වසරේ පැමිණීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුසියානු ජනාධිපති විලැමැදිර් පුටින් ද මෙම සමුළුව සඳහා සහභාගී වීමට අද ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වෙත පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11