‘කතරගම වාසනා’ ඉදිරියේ දී ප්‍රධාන පෙරහරවලට පමණයි

‘කතරගම වාසනා’ හස්ති ඉදිරියේ දී ප්‍රධාන පෙරහරවලට පමණක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තියාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

කතරම දේවාලයේ වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංකගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනවා.

දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පෙරහර මංගල්‍යයන් වෙනුවෙන් හස්තියා ප්‍රවාහනය කිරීම සහ යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් විය හැකි බැවින්, හස්තියාගේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් මෙම සීමා කිරීම සිදුකර ඇති බව සඳහන්.