22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වී නිතියේ ආධිපත්‍ය වල් වැදෙන බවත්, දැනටමත් සෑමදාම වෙඩි තැබීම් සිදුවන නිසා නීතියේ ආධිපත්‍ය අවම වී ඇති රටේ 22 වැනි සංශෝධනයෙන් නැත්තටම නැති වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට එවක රජය 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ 2/3ට අමතර ව ජනමතවිචරණයක් අවශ්‍ය බව පැවසුවත්, අද ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට රජයේ අයම කියමින් යන බවත් එදා 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ ජනමත විචාරණයක් ඉල්ලු ආකාරයට 22 වැනි සංශෝධනයට එවැනි ජනමත විචාරණයක අවශ්‍යයි නේද කියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සමගි වනිතා බලවේගයේ, රත්තොට ආසන බල මණ්ඩලය පිහිටවීමේ රැස්වීම අමතමින්.
මෙම රජය මානුෂීයත්වය නැති මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජනතා සෛරීත්වයට තැනක් නැති අධිකරණයේ නිදහස ගණන් නොගන්නා රජයක් බවත් මේ ඒකාධිපතිවාදය පටන් ගත්තේ යෞවන සමාජ නිලවරණ හා සිවිල් ආරක්ෂ කමිටු නිලවරණවලින් බවත් පැලවත්තේ ලිස්ට් එකට සාමාජිකයන් පත් කළ මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ බවත් ජනතා අයිතිය පැහැර ගෙන ඒකාධිපති තනි පක්ෂ පාලනයක් ඇති කරන්න හදන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.













