දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම් ඒකාබද්ධ ජාතික ඔරොත්තුදීමේ රාමුවක් රටට අවශ්‍යයි – සජිත්

ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රතිසාධනය සහ දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම් ඒකාබද්ධ ජාතික ඔරොත්තුදීමේ රාමුවක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්ෂේ සමඟ අද පැවති හමුවක දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාමය ආයතන, ආර්ථික ප්‍රතිසාධනය, දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම සහ සමාජ ආරක්ෂණය එකිනෙකින් වෙන් වූ ක්ෂේත්‍ර ලෙස නොසලකා ඒකාබද්ධ වූ ජාතික ඔරොත්තු දීමේ ප්‍රවේශයක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේ.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණවලට පමණක් සීමා නොවී නීතියේ ආධිපත්‍යය, බලතල බෙදීම, ස්වාධීන ආයතන, පාර්ලිමේන්තු වගවීම, විනිවිදභාවය, මූලික අයිතිවාසිකම් සහ ජනතා සහභාගීත්වය මත තවදුරටත් ශක්තිමත් විය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57