මේ වනවිට රටේ පරමාධිපත්‍යට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ පවසනවා.
අදට (06) යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.
මේ අතර වර්තමානය වන විට රජය විසින් මෙරට ප්රජාතන්ත්රවාදී ක්‍රමය සහ විපක්ෂය මර්දනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම නිදහස් වෘත්තිය සමිති ක්‍රමය ද නැති කිරීමට මේ වනවිට කටයුතු කරමින් යන බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
මීට අමතරව රජය විසින් නිතීඥ සංගමයට, වෛද්‍යවරුන්ට සහ භික්ෂුන් වහන්සේලාට එරෙහිව කටයුතු කිරීමට ද පටන්ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආරම්භ සාමාජිකයෙක් වන ඩී.ඒ රාජපක්ෂගේ මුණුපුරෙකුවන නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් ද විරුද්ධත්වය පළකරන බව ද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.













