බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවුවත් පවතින උෂ්ණාධික කාලගුණය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ, ඉදිරි සතියක පමණ කාලය තුළ මෙම තත්ත්වය පවතින බවයි.
රාත්‍රී කාලයේ උෂ්ණත්වයේ අඩුවක් බාලාපොරොත්තු විය හැකි නමුත් දහවල් කාලයේ පවතින ඇඟට දැනෙන උෂ්ණත්වය තව දුරටත් පැවතිය හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර පවතින වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක් සඳහා තවදුරටත් පානීය ජලය බෙදාහරිමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මොණරාගල, අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුරය යන දිස්ත්‍රික්ක මෙලෙස වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති අතර, එම දිස්ත්‍රික්කවලින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයටයි.
මේ අතර වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පුද්ගලයින් 113,354කට පානීය ජලය බෙදාහැර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.













