චීන තාක්ෂණයෙන් බ්‍රිතාන්‍ය ගොවීන් ගැන ඔත්තු බැලීමේ අවදානමක් ?

GPS තාක්ෂණයෙන් ක්‍රියාත්මක ට්‍රැක්ටර්, කෘෂිකාර්මික ඩ්‍රෝන සහ ස්වයංක්‍රීය වාරිමාර්ග පද්ධති ඇතුළු බ්‍රිතාන්‍යයේ ගොවිපළ උපකරණවල භාවිත වන චීන නිෂ්පාදිත තාක්ෂණය හරහා එරට ආහාර නිෂ්පාදනය පිළිබඳ සංවේදී තොරතුරු ලබාගැනීමේ අවදානමක් පවතින බව නව වාර්තාවක් අනතුරු අඟවනවා.

බ්‍රිතාන්‍යයේ Coalition on Secure Technology – CST ආයතනය පවසන්නේ නවීන කෘෂිකාර්මික උපකරණ රැසක චීනයේ නිෂ්පාදිත සන්නිවේදන චිප් සහ අන්තර්ජාල සම්බන්ධතා තාක්ෂණය භාවිත වන බවයි.

එවැනි පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්වුවහොත් අස්වැන්න ප්‍රමාණය, ඉදිරි නිෂ්පාදන ඇස්තමේන්තු සහ පශු සම්පත් සංඛ්‍යාව වැනි තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇති බව වාර්තාව පෙන්වා දෙනවා. එමගින් බ්‍රිතාන්‍යයේ ආහාර සැපයුම් පද්ධතියේ දුර්වල ස්ථාන හඳුනාගැනීමට ද හැකිවනු ඇති බවයි එහි තර්කය.

මීට අමතරව කෘෂිකාර්මික දත්ත වෙනස් කිරීම, ඇතැම් යන්ත්‍ර දුරස්ථව අක්‍රීය කිරීම හෝ ගොවිපළවල අනෙකුත් පරිගණක පද්ධති වෙත ප්‍රවේශ වීමේ අවදානමක් ද CST විසින් මතුකර තිබෙනවා.

වාර්තාවට අනුව නවීන අන්තර්ජාල සම්බන්ධිත උපකරණවල භාවිත වන Cellular Internet-of-Things modulesවලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදනය කෙරෙනවා.

ඒ අනුව ඩිජිටල් කෘෂිකර්මාන්තය ජාතික ආහාර සුරක්ෂිතතාවට සෘජුව සම්බන්ධ ආරක්ෂක ක්ෂේත්‍රයක් ලෙස සලකා, ඉහළ අවදානම් සහිත විදේශීය තාක්ෂණික උපාංග මත පවතින රඳාපැවැත්ම අඩු කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගත යුතු බව CST නිර්දේශ කරනවා.

කෙසේ වෙතත්, මෙම වාර්තාවේ මතුකර ඇත්තේ හැකියාව සහ අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමක් වන අතර, චීනය බ්‍රිතාන්‍ය ගොවිපළවලින් මෙවැනි ආකාරයට දත්ත සොරකම් කර ඇති බවට නිශ්චිත සිද්ධියක් මෙම ලිපියෙන් තහවුරු කරන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රොඳ බැඳගෙන අතුරු සිදුරු නැතිවෙන තරමට ජනතාව එනවා..වසර දෙකයි - රටට සුබයි
02:06
Video thumbnail
ජනපතිගේ බේරුවල ජන රැළියට සැරසෙන අයුරු - නලින්ද, කොට්ටහච්චි ගිහින් බරටම වැඩ
00:52
Video thumbnail
Port City චීන ජාතිකයා ඝා#නයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
00:40
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම පුත් නාමල් රාජපක්ෂ බලන්න වැලිකඩට
00:51
Video thumbnail
ජනපති අනුර උපන් නිවස පිටුපස සිදුවන විනාශකාරී ජාවාරම - යටින් මුදල් දීලා වැඩ ටික කරගන්නේ
10:55
Video thumbnail
නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සෞඛ්‍ය ඇමති හමුවෙයි
01:31
Video thumbnail
පාලමක් කඩාගිය ලොරිය අන්තිමට නැවතුණු තැන
01:17
Video thumbnail
නියෝජ්‍ය ඇමති ඇස් වහගෙන ගහන ක්‍රිකට් - මේක ඉතා සුන්දර ක්‍රීඩාවක්
03:54
Video thumbnail
නාමල්ගේ ජීවිතය අනතුරේ.. ඉවරයක් කරන්න හදනවා?
03:30
Video thumbnail
හිටපු නගරාධිපතිට අවසන් ගෞරව දක්වන්න අමරවීර, රංජිත් ඇතුළු ප්‍රබලයින් එයි - කට්ටියම ලොකු කතාවක්
01:19