වස්ගමුව මාර්ගයේ හසලක සිට වස්ගමුව දෙසට ගමන්ගත් යතුරුපැදි දෙකෙක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (05) අලුයම 05.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
හසලක අටේඇළ ප්‍රදේශයේ අවමංගල්‍යයට සහභාගී වී සිටි පාසල් වයසේ තරුණයින් පිරිසක්, වස්ගමුව මාර්ගයේ යතුරුපැදි ධාවන තරගයක ආකාරයෙන් යතුරු ධාවනය කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් වංගුවක් අසළදී පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අනෙක් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 17 හැවිරිදි පාසල් සිසුවෙක්.
එමෙන්ම මෙම අනතුරින් තැත් සිසුන් තිදෙන්ක්ට තුවාල සිදුව ඇති අතර, එම පිරිස ප්‍රතිකාර සඳහා මහියංගන ජාතික රෝහලට ඇතුළත්කර තිබෙනවා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හසලක පොලිසිය විසින් සිදු කරනවා.













