සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සමඟ පාත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරගාවලි දෙක සඳහා වූ එංගලන්ත සංචිතයන් එංගලන්ත සහ වේල්ස් ක්රිකට් මණ්ඩලය විසින් ප්රකාශයට පත්කර තිබෙනවා.
ශ්රී ලංකා සමඟ පැවැත්වෙන මෙම තරගාවැලි දෙක සඳහා එංගලන්තයේ නායකත්වයේ වගකීම හිමිව ඇත්තේහැරී බෘක් හටයි.
මේ අතර, දණහිසේ සැත්කමකින් පසු සුවය ලබමින් සිටින එංගලන්ත ක්රීඩක ජේකොබ් බෙතෙල් තවදුරටත් ක්රීඩා පිටියෙන් ඉවත්ව සිටීම නිසා ඔහුට තරගාවැලියා අහිමි වන අතර, දකුණු කලවයේ මාංශ පේශියක ආබාධයක් ලක්වීම හේතුවෙන් ෆිල් සෝල්ට් ද ශ්රී ලංකා තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා.
- එංගලන්ත T20 සංචිතය
හැරී බෲක් (නායක), ජොෆ්රා ආචර්, ගස් ඇට්කින්සන්, සොනී බේකර්, ටොම් බැන්ටන්, ජොස් බට්ලර්, ජේම්ස් කෝල්ස්, ජෝර්ඩන් කොක්ස්, ලියම් ඩෝසන්, ඇනියුරින් ඩොනල්ඩ්, බෙන් ඩකට්, විල් ජැක්ස්, සාකිබ් මහමුද්, ජේමි ඕවර්ටන්, අදිල් රෂීඩ්, ජොෂ් ටොන්ග් - එංගලන්ත එක්දින සංචිතය
හැරී බෲක් (නායක), ජෝ රූට්, රෙහාන් අහමඩ්, ජොෆ්රා ආචර්, ගස් ඇට්කින්සන්, ටොම් බැන්ටන්, සොනී බේකර්, ජොස් බට්ලර්, ජෝර්ඩන් කොක්ස්, හෙන්රි ක්රොකොම්බ්, ලියම් ඩෝසන්, බෙන් ඩකට්, විල් ජැක්ස්, ජේමී ඕවර්ටන්, අදිල් රෂීඩ්, ජොෂ් ටන්ග්













