හිටපු ඇමති ප්‍රේමලාල් ඇතුළු තිදෙනාට විදෙස් ගමන් තහනමක්

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම විදේශ ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඊට අමතරව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට ඔක්තෝම්බර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම තුළින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.

එම මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණා.

අභියාචනාදීකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බල රහිත කර දඩූවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අතර පෙත්සම්බි භාගයේ අවසන් කිරීම සිදුවුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06