”නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ” යන ශීර්ෂ පාඨය සහිතය දසත නිව්ස් වෙබ් පිටුවේ පළවූ පුවත දෝෂ සහිතව වාර්තා වූ පුවතක් බව පාඨක ඔබට කණගාටුවෙන් යුතුව දැනුම් දෙමු.
එම පුවතේ සඳහන් වූ පරිදි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට ඇප හිමි නොවූ අතර, සැකකරුව අධිකරණය මඟින් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.
මෙම ප්රවෘත්තිය කිසි සේත්ම අධිකරණයට අපහස කිරීමක් නොවන අතර, නිවැරදි කිරීමේ අයිතිය මත එම පුවත නැවත නිවැරදි කරන බවට ද දැනුම් දෙමු.













