බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
අදාළ සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියතු සහ භාවිතයට ගන්නා පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය යම් යම් ස්ථානවල සැඟවීමට කටයුතු කර ඇති අතර පසුව ජාවාරමට සම්බන්ධ අයවලුන් පැමිණ එම මත්ද්‍රව්‍ය රැගෙන යන බවයි පැවසෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල, හිඳගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මහියංගනය, බිබිල, මැදගම යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක පැකට් කර තිබූ මත්ද්‍රව්‍ය සඟවා තැබීමය යාමේදී මෙම සැකකරු එලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 40 ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබෙනවා.













