සුලෝචනා වීරසිංහ කොවිඩ් රෝහල ඇතුළේ නටපු නැටුම

ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ ‘චිත්‍රාංගනී විජේවීර’ චරිතය රඟ පෑ සුලෝචනා වීරසිංහ ඔබට මතක ඇති. ඒ වගේ ම පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වූ තණමල්විල කොල්ලෙක් ටෙලි නිර්මාණයෙනුත් අපට ඇය දැක ගන්න ලැබුණා. ඒත් අපි මේ කියන්න හදන්නේ ඒවා ගැන නෙමෙයි.

පසුගිය සතියේ දවසක ෆේස්බුක්හි අපි දැක්ක ඇගේ නැටුමකට සම්බන්ධ කතාවක් ගැනයි.

සුලෝචනා මේ රංගනය ඉදිරිපත් කර තිබුණේ සාමාන්‍ය තැනකදී නෙමෙයි. සාමාන්‍ය තත්ත්වයකදීත් නෙමෙයි. කොරෝනා රෝගය වැළඳී වී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

එතැන සිටි හැමෝ ම එක්ක එකතු වෙලා මේ නර්තනය ඉදිරිපත් කළේ නිකම්ම නෙමෙයි. යම් කිසි පණිවුඩයක් දිය යුතු නිසා. අපිට කොවිඩ් වැළඳී තිබුණත් එතරම් ලොකු අමාරුවක් ඇඟට පතට දැනී තිබුණේ නැහැ. තිබුණේ මානසිකව ඇදවැටීමක් විතරයි. නමුත් රෝහලේ කාර්ය මණ්ඩලය ඒ තත්ත්වය නැති කරන්න ගත් ක්‍රියාමාර්ග ගැන අපි සතුටු වුණා. ඒ සතුට තමයි අර විධියේ නැටුමකින් අපි පෙන්නුවේ.  ඒ විතරක් නොවෙයි ඒ නැටුම සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කළෙත් සමාජයට යම් පණිවුඩයක් ලබා දෙන්නයි.

“මොක ද කොවිඩ් රෝහල්වලදී රෝගීන්ට හරි හැටි ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැ. රෝගීන් ගැන බලන්නේ නැහැ කියන වැරදි මතයක් සමාජ ගත වී තිබෙනවනේ. ඒක එහෙ ම නෙමෙයි කියලා මම එතැනදී අත්දැකීමෙන්ම දැන ගත්තා. ඒ හිටපු කාලය පුරා ම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිස අපි වෙනුවෙන් කළ සේවය මම දැක්කා. ඇත්තට ම ඒක සුවිශාල සේවාවක්. ඔවුන්ගේ කළ කැපවීම ඉතාමත් ඉහළයි,” සුලෝචනා හදවතින් ම කතා කළා.”

සුලෝචනා කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත්තේ රූපගත කිරීමකට සහභාගි වෙමින් සිටියදී ය. තමන් සිටි කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනකුට කොවිඩ් වැළඳී ඇතැයි කියා දැනගත් ඇය ඉක්මනින් ම ජයවර්ධනපුර රෝහලට ගොස් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර ගත්තා. ඒ පරීක්ෂණයෙන් තමයි සුලෝචනාත් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති බව දැන ගත්තේ.

කිසිදු කලබලයකින් තොරව වාහනය වෙත ආ සුලෝචනා ඊළඟට  ගියේ කාර් පාර්ක් එකේ මුදල් ලබාගන්නා පුද්ගලයා වෙතයි. එහෙ ම ආ ඇය වාහනයේ වීදුරුව පහත් කොට මෙහෙම කිව්වා.

“මම කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තා. මේ සල්ලි ගන්න. හැබැයි හොඳින් Santize කරන්න. කියා මා ඔහුට කිව්වා. ඔහු මුදල් ගත්තේ නැහැ. මම එහෙම කළේ නොකියා මුදල් දී එන එක සුදුසු නැති නිසා.”

සුලෝචනා අනතුරුව නිවෙසේ සිටින හැමෝ ම මේ සම්බන්ධව දැනුවත් කළා. ඊළඟට තමයි රෝහල්ගත වුණේ.

මේ විධියට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළු වුණා.

ඇය දින හතරක් පමණ එහි ගත කළේ දැඩි මානසික ආතතියකින්. මොකද ඇයට නිතර ම තමන්ගේ පුංචි දරුවා මතක් වෙන නිසා. ඒ දරුවාගෙන් ඈත් වෙලා ඉන්න එක ඇයට පුදුමාකාර විදිහේ මානසික කරදරයක් වුණා.

“කොවිඩ් නිසා මට තිබුණේ පුංචි වෙහෙසක් විතරයි. ඒත් දරුවා හින්දා ලොකු මානසික වේදනාවක් මට ඇති වී තිබුණා. මේක මට විතරක් නෙමෙයි රෝහලේ සිටි බොහෝ අය තුළත් තිබෙනවා මම දැක්කා.

කොහොම හරි ඔන්න ඔය වගේ වේලාවක තමයි වෛද්‍ය කාර්ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරලා, “අපි සින්දු දානවා. පුළුවන් හැමෝ ම ඇවිත් නටන්න” කිව්වේ.

ඇත්තට ම ඒක නම් මාරයි. මමත් ඊට එකතු වුණේ යම් මානසික සහනයක් වුවමනා වී තිබුණු නිසා ම යි. මේ වෙලාවේ අපි හැමෝට ම කතා කළා. ඒ විතරක් නෙමේ මම දුරකතන ඇමතුමක් අරන් රෝහල් කාර්ය මණ්ඩලයෙනුත් ඉල්ලීමක් කළා ඔයගොල්ලොත් ඔය පැත්තෙ ම ඉඳන් අපිට පේන්න අපිත් එක්ක ම නටන්න කියලා. ඇත්තට ම ඔවුන් ඒක කළා. ඉතිං පුදුමාකාර විධියේ සතුටක් අපේ හිත්වලට එදා දැනුණා.

සුලෝචනා මේ නැටුම ඉදිරිපත් කළේ රෝහලට ඇතුළු වෙලා දින 4කදී. ඇය කියන විදිහට රෝහල් කාර්ය මණ්ඩලය මේ විදිහේ වැඩ සටහන් නිරන්තරයෙන් ම කරනවා. ඔවුන් ඒක කරන්නේ රෝගීන්ගේ මානසික තත්ත්වය හොඳ තැනකට ගන්න වුවමනා නිසාමයි.

සාමාන්‍යයෙන් අපි දන්නවා කොවිඩ් රෝගයට ගොදුරු වෙන අයට දරුණු රෝග ලක්ෂණ තිබුණොත් විතරක් අයි.ඩී.එච්. රෝහල කරා රැගෙන යන බව. ඊට අමතරව සාමාන්‍ය රෝගී ලක්ෂණ පෙන්වන බොහෝ දෙනා ඇතුළු කරන්නේ සාමාන්‍ය රෝහල්වලට. නමුත් අයි.ඩී.එච්. රෝහල ඇරුණුකොට ඊළඟට  දරුණු රෝග ලක්ෂණ පෙන්වන අය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ තවත් සැලකිය යුතු රෝහල් කිහිපයකට ඇතුළු කරනවා. ඊට අමතරව කොවිඩ් රෝගීන් සඳහා නිර්දේශ කොට තිබෙන කඳවුරු වෙතත් යොමු කරනවා.

“කොහොම හරි මෙන්න මේ වගේ තැන්වලදී වෛද්‍යවරුන් හා හෙද සොයුරු සොයුරියන් වගේ ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කොවිඩ් රෝගීන් එක්ක ගනුදෙනු කරන්නේ රෝගීන්ගේ තත්ත්වය ගැන හොඳින් දැනගෙනයි.

සමහරු චෝදනා කරනවා “අපිව බලන්න ළඟටවත් එන්නේ නැහැ. බෙහෙත් එවනවා විතරයි” කියලා. රෝග ලක්ෂණ ලොකුවට නැත්නම් ඇත්තට ම ඔවුන් එහෙම එන්න ඕනෑ නැහැ. මොකද අපි ඉන්නේ දවස් 10ක් වගේ කාලයක්. ඒ කාලය නිමා කරලා අපි එනවා. නමුත් අර වෛද්‍ය කාර්ය මණ්ඩලය ඊළඟට එන රෝගීන් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් සුරක්ෂිතව ඉන්න ඕනෑ.”

අනෙක මේ කාර්ය මණ්ඩලය අඳින ආරක්ෂිත ඇඳුම අඳින්නත් ලොකු කාලයක් ගත වෙනවා. ඒක ඇඳගෙන ලොකු වේලාවක් ඉන්නත් බැහැ. හරිම අපහසුයි. ඒක අපිට බැලූ බැල්මට පේනවා. ඒ නිසා හදිසි අවස්ථාවකදී විතරයි ඔවුන් එහෙ ම එතැනට එන්නේ. ඒක සාධාරණයි.

සුලෝචනා මෙහෙ ම කියන්නේ අසාධ්‍ය තත්ත්වයට පත්වූ රෝගීන් දෙදෙනෙකුට එවැනි ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය පැමිණි මොහොතේ ඇයත් ඊට උදවු කරන්න ඉදිරිපත් වූ නිසා ම යි. ඒත් ඇත්තට ම ඒ රෝගීන් දෙදෙනා තුළත් තිබී ඇත්තේ අනිසි බියක්.

“වෛද්‍යවරු ඇවිත් බලලා ඒ රෝගීන්ව පරීක්ෂණ කීපයකට ලක් කළා. ඒත් ඒ හැම ටෙස්ට් රිපෝට් එකක් ම හොඳයි.  එතැනදීත් සිදුවී තිබුණේ රෝග ලක්ෂණ ගැන ලොකුවට හිතලා ඒ රෝගීන් දෙදෙනා අනිසි බියක් ඇතිකර ගැනීමයි.  ඒක ඇත්තට ම වෙන්නේ මානසික තත්ත්වය පහළට වැටුණා ම. ඉතිං වෛද්‍ය කාර්ය මණ්ඩලය මේ නිසාමයි අර විදිහේ වැඩසටහන් සංවිධානය කරන්නේ.

කොහොම හරි මේ දින 10 ගත කරලා ගෙදර ආවට පස්සේ මට හිතුණ දේ තමයි මම ලබාගත්ත අත්දැකීම් සමාජයට පණිවුඩයක් දිය යුතුයි කියන එක. අපි කොවිඩ් රෝගයට ගොදුරු නොවී ඉන්න වග බලාගන්න ඕනෑ. කවුරුත් අපිට බලෙන් කොවිඩ් බෝ කරන්නේ නැහැ.  අපේ පරෙස්සම හා වගකීම අඩු වුණු තැනදී මේ රෝග බෝ වෙනවා. ව්‍යාප්ත වෙනවා. 

ඒ වගේ ම අපි හැමෝට ම එක ම විදිහේ කොරෝනා ලක්ෂණ හා දරුණු රෝගීන් වෙන්නේ නැහැ. අපේ රෝගී ලක්ෂණ අනුව තමයි අපිට කොවිඩ් කඳවුරු හා රෝහල් ලැබෙන්නේ. ඒ වගේ ම ප්‍රතිකාර ක්‍රමවලත් තත්ත්වය එහෙමයි. අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඒ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන තමයි රෝගීන්ට ළං වෙන්නේ හා දුරින් ඉඳන් ප්‍රතිකාර ලබා දෙන්නේ.  ඔවුන් එහෙම නොකර හිටියොත් ඔවුන්වත් මේ රෝගයට ගොදුරු වෙනවා. එහෙම වුණොත් කවුද රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්න ඉතුරු වෙන්නේ? මතකනේ ඉන්දියාවට වෙච්ච දේ! ඒ නිසා මුලින් ම අපි ගැන වගේම ඔවුන් ගැනත් අපි හිතන්න ඕනෑ.

“මම නම් ඇත්තට ම සතුටු වෙනවා ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රම හා අපිව බලාගත්ත විදිහ ගැන.  අපි කවුරුත් වගකීමෙන් කටයුතු කරමු. ඒක තමයි මට මේ වෙලාවේ ඉල්ලන්න තිබෙන්නේ”.

mawbima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07