සීගිරිය අභයභූමියේ පුද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නොගෙන වගා ළිඳක් කැපීම සහ ගස් කැපීම චෝදනාව යටතේ මෙරට විශිෂ්ඨ චිත්‍රපට නළුවෙක් වූ ගාමිනී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීන් පවසනවා.
අත්අඩංගුවට පත් පිරිසට අමතරව වගා ළිඳ කැපීම සඳහා යොදාගත් ඩෝසර් රථයක් ලොරි රථයක්, දැව තොගයක් සහ ට්‍රැක්ටර් රථයක් ද සීගිරිය වනජීවී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිති ප්‍රකාරව ඇප මත නිදහස්කොට ඇති අතර ලබන 31 වැනිදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













